April 16, 2024

නවතම නිසාන් ලීෆ් ඔක්තෝම්බරයේ වෙළඳපොළට

September 09, 2017

පරිසර හිතකාමී මෝටර් රථ අතර ලොව වැඩිම අලෙවියක් ඇති රථය ලෙස ප්‍රකට නිසාන් ලීෆ් රථයේ එක බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 378ක් (සැතපුම් 235ක් ) ධාවනය කළ හැකි නවතම නිසාන් ලීෆ් රථය ඔක්තෝම්බරයේදී වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත අතර 2018 වර්ෂය මුලදී ලෝකයේ සෙසු වෙළෙඳ පොළ වෙත හඳුන්වා දීමට නියමිතය.

කෙසේවෙතත් මෙම රථය දැනට වෙළඳ පොළේ පෙරමුණ ගෙන සිටින එක් ආරෝපණයකින් වැඩිම දුරක් ධාවනයේ යෙදෙන ටෙස්ලා සහ ජෙනරල් මෝටර්ස් මෝටර් රථ අභිබවා ගොස් නැති බව වෙළඳපොළ දත්ත පවසයි.

මෙම නව ලීෆ් රථය Autonomous Driving Technology ඇතුළු නවීන තාක්ෂණයෙන් මෙන්ම නූතන පෙනුමනක්ද සහිතව වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත.

වර්තමානයේදී විද්‍යුත් මෝටර් රථ සඳහා පවතින වෙළෙඳපොළ තරඟකාරීත්වයේදී සුවිශේෂී තරඟයක් ලබා දීමට නිසාන් ලීෆ් රථයට තවමත් හැකිවී ඇති අටහ්ර ලෝකයේ හරිතාගාර වායු විමෝචනයට එරෙහි ප්‍රතිපත්ති සමඟ මෙවැනි මෝටර් රථ සඳහා මෙවැනි මෝටර් රථ සඳහා පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යෑම මෙම තරඟයට හේතු වි තිබේ.

මෙම රථයට කිලෝවොට් පැය 40ක ධාරිතාවයෙන් යුතු බැටරියක් යොදා ගැනීම නිසා එක් අරෝපනයකින් වැඩිදුරක් ධාවනයට ඉඩ සැලසී ඇති බවයි.

එමෙන්ම මෙම රථය පෙර පැවති ලීෆ් රථවලට වඩා බැලූ බැල්මට පාරිභෝගිකයන්ගේ සිත් ඇඳගන්නා බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

  

Rate this item
(0 votes)
Last modified on Friday, 08 September 2017 13:25