April 25, 2024

ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවාවන් ලගදීම

September 06, 2017

ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (NSDI) සේවාවන් ඉදිරි සිව් මස තුලදී ජනතාවට ලබාගත හැකිවේ.

ඒ අනුව මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය (NSDI) තවදුරටත් සංවර්ධනය කිරීම සදහා මානව සම්පත සුදානම් කිරීම මේවන විට ආරම්භ කර ඇත.

රාජ්‍ය ආයතනවලින් තෝරා ගන්නා ලද ක්ෂේත්‍ර නිලධාරින් තුන් සියයකට පමණ මේ වසර තුලදී මේ අනුව පුහුණුව ලබා දීමට නියමිතව ති‍බේ.පළාත් පාලන අමාත්‍යංශය, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ක්ෂේත්‍ර නිලධාරින් සදහා මෙසේ පුහුණුව ලබා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.

මෙම පුහුණුව අදියරදෙකක් යටතේ පැවැත්වෙන අතර ප්‍රථම අදියර යටතේ භූමිගත තොරතුරු කළමනාකරණ පරිගණක වැඩසටහන් හදුන්වාදිම සහ දත්ත එක් රැස් කිරීම පිලිබදව පුහුණුව ලබා දේ.

මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය විවිධ සිතියම් ස්ථර එකට එක්වී සෑදුනු අන්තර්ජාලීය සිතියම් පද්ධතියක් වන අතර එමගින් එය භාවිතා කරන්නන්ට සිතියම් නැරඹීම,සකස් කළ දත්ත ලබා ගැනීම සහ භූමිගත තොරතුරු ලබා ගැනිමේ හැකියාව ඇත.

අධ්‍යාපන,ප්‍රවාහන,සෞඛ්‍යය,කෘෂිකාර්මික,වාරිමාර්ග,ආපදා කලමණාකරණ,වනජීවී සහ වන සංරක්‍ෂණ,කාලගුණික හා දේශගුණික ආදී ප්‍රධාන අංශ 12 ක් මුල් කර ගනිමින් මෙම දත්ත සහ තොරතුරු පහසුකම් පද්ධතිය සකස් කෙරේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට අනුව මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය සකස් කෙරෙන බව ද නියෝජිතායතනය පවසයි.

Rate this item
(0 votes)