March 28, 2024

උතුරේ ධීවර වරායන් පහක් ආරම්භ කරයි

උතුරු පළාතේ ධීවරයින්ගේ ප්‍රශ්න ගැටළු හා ධීවර වරායන් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ඇති ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පෙරේදා (29) ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී උතුරුබ් පළාතේ ධිවරයින් මුහුණපා ඇති ප්‍රධාන ගැටළු සහ ධීවර වරයන් පහක් නැවත සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.එහිදී උතුරු පළාත තුළ පිහිටා ඇති තෙලිප්පලෙයි, මාදගල්, පුන්කුඩතිව්, ආනකෝට්ටේ,මණ්ඩතිව් යන ධීවර වරායන් පහක් සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී.මේ වනවිට ඊට අදාළ ඉඩම්වල ගැටළු නිරාකරණය කර ඇති අතර ඒ ඒ වරාය ආශ්‍රිත ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා සුදුසු මධ්‍යස්ථානයක්ද මසුන් ගබඩා කිරීමට මධ්‍යස්ථානයක්ද ඉදි කිරීමට සූදානම් කර ඇත.

තවද උතුරු පළාතේ කෝකිලායි ගම්මානයේ ඉඩම් පිළිබඳව ඇති ආරවුල් විසදීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද එහිදී තීන්දු කරනු ලැබූ අතර මේ පිළිබඳව මූලික සාකච්ජාවක් අදාළ ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ට හා රේඛීය අමාත්‍යංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉදිරියේදී සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

විශේෂයෙන් උතුරු පළාතේ ධීවරයින්ට නවීන විද්‍යාව හා තාක්ෂණික දැනුම ලබා දීමටත් ඒ තුළින් තමන්ගේ ජිවිත සවිබල ගැන්වීමටත් බහුදින ධීවර යාත්‍රා ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කිරීමටත් සාකච්ජාවට ගත් අතර නීතිවිරෝධී ක්‍රම මඟින් සිදුවන මත්ස්‍ය විනාශය පිළිබඳව නිසි පියවරක් ගැනීමටත් තීරණය කර ඇත.ධීවර සංවර්ධනය යථා තත්ත්වයට පත්වන තෙක් ධීවරයින්ගේ ඉන්ධන අවශ්‍යතා සඳහා බවුසර් මඟින් ජංගම සේවාවක් තුළින් පැවැත්වීමට තීරණය කරන ලදී.මේ වනවිට ක්‍රියාත්මකවන කලපු ආශ්‍රිත මසුන් බෝ කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ඇති බාධක සම්බන්ධයෙන්ද සාකච්ජා කළහ.

Rate this item
(0 votes)