April 19, 2024

නවතම මයික්‍රොමැක්ස් කැන්වස් 2 මෙරට වෙළඳපොළට

ප්‍රධානතම ස්මාර්ට් ෆෝන් සමාගමක්වන මයික්‍රොමැක්ස් ඉන්ෆොමැටික්ස් ලිමිටඩ් සිය නිෂ්පාදන කළඹ තවතවත් ශක්තිමත් කරමින් පෙරේදා (28) කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය හඳුන්වා දෙන ලදී.2012 වර්ෂයේ ඉන්දියානු ස්මාර්ට් ෆෝන් වෙළඳපොළ තුළ පෙරලියක් කළ මධ්‍යම මාදිලියේ ස්මාර්ට් ෆෝන් කාණ්ඩය ඉලක්ක කර ගෙන හඳුන්වාදුන් මෙම ස්මාර්ට් ෆෝනය 2017 වර්ෂයේදී තවත් පියවරක් ඉදිරියට තබමින් කැන්වස් 2 ෆෝනය හඳුන්වා දෙන ලදී.උසස් ක්‍රියාකාරීත්වය හා නිර්මාණාත්මක හැඩය මනාව එක්කර නිපදවා ඇති නව කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය මෙම මිල ගණන් යත්තේ Gorilla ග්ලාස් 5 සමඟින් හඳුන්වාදුන් ප්‍රථම ස්මාර්ට් ෆෝනය වේ.Corning සමඟ ඇති කර ගත් මෙම උපායමාර්ගික සම්බන්ධතාවය ස්මාර්ට් ෆෝන් භාවිතය වේගයෙන් වර්ධනය කරමින් නවතම මාදිලියේ සුවිශේෂී දුරකථන වෙළඳපොළට හඳුන්වා දීමට සහය වේ.

2017 කැන්වස් 2 මාදිලිය සමඟ මයික්‍රොමැක්ස් සිය පාරිභෝගිකයින් සඳහා ඇදහිය නොහැකි අත්දැකීමක් සහ තවත් බොහෝ උපාංග රැසක් පිරිනැමීමට අදහස් කරයි.නව කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය මෙම මිල ගණන් යට‍තේ Gorilla ග්ලාස් 5 සමඟින් හඳුන්වාදුන් ප්‍රථම ස්මාර්ට් ෆෝනය වන අතර Corning සමඟ ඇති කර ගත් උපායමාර්ගික සම්බන්ධතාවය සිය පාරිභෝගිකයන්ට කල්පැවැත්මෙන් යුත් සුවිශේෂී මාදිලියේ ස්මාර්ට් ෆෝන් හඳුන්වාදීමේ අවස්ථාව උදා කර දී  ඇත.

මෙම ස්මාර්ට් ෆෝනය දැනටමත් ඉන්දියාවේ හා මැදපෙරදිග වෙළදපොළවල් සඳහා හඳුන්වා දී ඇති අතර එම වෙළදපොළවල්වලින් මෙම ෆෝනය සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණි.මෙම හඳුන්වා දීමත් සමඟ මයික්‍රොමැක්ස් ස්මාර්ට් ෆෝනය වෙළඳපොළ තුළ සිය නාමය තවතවත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 August 2017 10:08