April 20, 2024

Uber එක්ක තරඟ කරන්න ඉන්දියාවේ Ola ලංකාවට

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ මෙහෙයුම්කරුවා වන Ola සිය ව්‍යාපාර කටයුතු බංග්ලාදේශයට හා ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඩකා සහ කොළඹ නගරය තුළ ක්‍රියාත්මක Uber සේවාවන් සඳහා විශාල තරගයක් එල්ල වනු ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2011 වසරේ දී බැංගලෝරයේ දී ඇරඹි startup ආයතනයක් වන මේ සඳහා ආරම්භයේ දී Falcon Edge Capital හා Ratan Tata ගේ UC-RNT capital විසින් ඩොලර් මිලියන 100 ක ප්‍රාග්ධනයක් යොදවා තිබේ.

පසුව ජපාන ආයෝජකයෙකු වන SoftBank Group විසින් තවත් ඩොලර් මිලියන 250 ක් Ola වෙත ආයෝජනය කර ඇත.

මේ වන විට ඉන්දියානු වෙළෙඳපොළ තුළ Ola සහ Uber අතර දැඩි තරඟයක් ක්‍රියාත්මකව පවතින අතර ඉන්දියාවේ නගර 28 ක් පුරාවට දිවෙන මෙම තරඟකාරීත්වය ඉදිරියේ දී කොළඹ සහ ඩකා නගර දක්වා ද පැතිරෙනු ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දැනට ඉන්දියාව තුළ වැඩිම කුලී රථ සමූහයකට හිමිකම් කියනු ලබන්නේ ද Ola විසිනි.

Rate this item
(0 votes)