April 20, 2024

“NSB i Saver” හඳුන්වාදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

ශී‍්‍ර ලාංකික ජනතාවගේ ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශී‍්‍ර ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver” සේවාව දියත් කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප‍්‍රධාන ශාඛා පරිශ‍්‍රයේදී සිදු විය.

“NSB i Saver” සේවාව ඩිජිටල්කරණයේ නවතම අත්දැකීමක්වන අතර දිවයින පුරා පිහිටි 16,000කට අධික මොබිටෙල් mCash නියෝජිත මධ්‍යස්ථානයන් ඔස්සේ NSB I Saver සේවාව හරහා ඕනෑම වේලාවක පහසුවෙන් සිය මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

 

Rate this item
(0 votes)