April 24, 2024

රෝගී ජනතාවට සෞඛ්‍ය වාර්තා ඇතුළත් ඊ - හෙල්ත් කාඩ්පතක්

රජයේ රෝහල්වෙත ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය වාර්තා ඇතුළත් ඊ - හෙල්ත් කාඩ්පත් ඉදිරියේ දී හදුන්වා දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

පසුගියදා (28) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

"මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වන ව්ට ඖෂධ වර්ග 44 ත්, 79ත් අතර හිඟයක් දෛනිකව තිබුනා.එය මඟහැරවීම සදහා මෘදුකාංගයක් හදුන්වා දුන්නා.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් 2014 වර්ෂයේ අවසානයවන විට මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ ව්නාශ කිරීමට සැලසුම් කර තිබුනා.නමුත් මෘදුකාංගය හදුන්වා දුන් විට මාස 03කට පසු ඖෂධ හිඟය මඟ හැරුනා.වර්තමානයේ කිසිදු රෝහලක ඖෂධ හිඟයක් නැහැ.ඖෂධ හිඟයක් මතු වුවහොත් එය රෝහල් අධ්‍යක්ෂවරයාගේ වරදක්.ඊ-හෙල්ත් ව්‍යාපෘතිය අනාගත ආයෝජනයක්.ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.සෑම රෝහලක්ම ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කරනවා.ජනතාවගෙන් 5000කට එක් වෛද්‍යවරයෙක් යන සංකල්පයටත් මෙය රුකුලක් වනවා.”

“එම වැඩපිළිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අතර එය සාර්ථක වී තිබෙනවා. සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් සියළු රෝග පරීක්ෂණ නොමිලයේ සිදු කරනවා.වර්තමානයේ ඇතැම් රජයේ සහ පෞද්ගලික රෝහල්වල වෛද්‍ය පරික්ෂණ සුළු රෝගවලටත් තිබෙනවා.පෞද්ගලික රෝහල්වල වෛද්‍ය පරීක්ෂණ රෙගුලාසි ඇතුලත් චක්‍රලේඛයක් මිට වසර 15 කට පමණ පෙර සකස් කළා.නමුත් එම චක්‍රලේඛය අද සොයා ගැනීමට අපහසුයි.කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු සේවාව වසර 30 පැවැති යුධ වාතාවරණයේ දී විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළා.මෙහි කාර්ය මණ්ඩලය කටයුතු කළේ විවිධ ව්‍යවසනවලට මුහුණ දෙමින්.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)