April 25, 2024

රටවල් 4කින් සහල් ආනයනය කරන්න ඇමති රිෂාඩ් තීරණය කරයි

පවතින නියං තත්වය කොතරම් බලපෑවද ශ්‍රී ලංකාවට කිසිදු හිගයකින් තොරව සහල් පාරිභෝගික ජනතාව වෙතට ලබා දීමට පියවර ගෙන ඇති බවටත් අගෝස්තු මස සිට රටවල් 4 කින් ගෙන එන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවට කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි සිදු කරන ලද සංචාරයන්ගෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

ඒ  මහතා එහිදී මෙසේද අදහස් දැක්වීය.

“ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් විසින් දුන් උපදෙස් මත තීරණය කරා සහල් ආනයනය කරන්න.දැනට තායිලන්තය, ඉන්දියාව ,පකිස්තානය හා මියන්මාර් යන රටවල්වලින් සහල් ආනයනය කිරීමට පියවර අරන් තියනවා එහෙම ආනායනය කරන ලද සහල් අගොස්තු මාසයේ සිට සතොස හරහා වගේම තොග වෙළෙන්ඳන් හා සමූපකාර හරහාත් විකිණීමේ කටයුතු සිදු කරන්න පියවර අරන් තියනවා.ඒ නිසා ඉදිරියට කුමන හෝ අයුරින් සහල් හිගයක් එන්නෙ නැහැ.ඉදිරි මාස හතරකට පහකට පමණ සහල් අවශ්‍ය වෙලා තියනවා ඒ නිසා අපේ අමාත්‍යංශයත් එක්ක අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේද නායකත්වයෙන් අපි කිහිප අවස්ථාවකදී රැස්වෙලා සාකච්ඡා කරා ඉදිරියේදී කිසිම හිගයකින් තොරව සහල් ආනයනය කරන්න.”

“එහිදි ඕනෑම පුද්ගලික අංශයකටත් සහල් ආනයනය කරන්න අවස්ථාව දීල තියෙන්නේ මේ වන විට සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් ගැසට් කරලා තියනවා.ඒ නිසා තමයි සහල් මිල පාලනය වුනේ ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරිය හරහා සහල් පාලන මිලට වැඩියෙන් වැඩි මිලට විකිණේමේදී වැටලීම් සිදු කෙරෙනවා.මේ වටලීම් හා පාරිභෝගික ජනතාවගේ ගැටලු විසඳීමේදී නිලධාරී හිගයක් තිබුනා.ඒ සඳහා නව උපාධිධාරීන් 200 ක් පමණ බඳවා ගන්න කැබිනට් අවසරයත් ලැබුනා.මුදල් අමාත්‍යංශයත් ඒකට අවසර දීල තියනවා ඉදිරියෙදී ලංකාව පුරා පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ සියලු දෙනා එක්ව ගම් මට්ටමින් කටයුතු සිදු කරයි.” යැයිද  වැඩිදුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)