April 19, 2024

විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් මෙරටදී

දේශීය වෛද්‍ය විද්‍යාව සහ විකල්ප ආයුර්වේද ක්‍රම පිළිබඳ වෙළඳ ප්‍රදර්ශනයක්  සහ සම්මන්ත්‍රණයක් නොවැම්බර් මස ශ්‍රි ලංකාවේ දී පැවැත්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පවත්වන මෙම ප්‍රදර්ශනය වෙළඳ කුටි 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ.

ඇමරිකාව, උතුරු කොරියාව, ඉන්දියාව, චීනය ඇතුළු විදේශීය රටවල රැසක්  මේවන විටත් වෙළඳ කුටි ලබා ගෙන ඇති බවත් දේශීය සමාගම් 200 ක් පමණ වෙළඳ කුටි ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් සඳහන් වේ.

දේශීය වෛද්‍ය ක්‍රම සහ වෙනත් රටවල වෛද්‍ය ක්‍රම පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් ද ඇති අතර  එම  සම්මන්ත්‍රණය සඳහා රටවල් 82 ක අමාත්‍යවරු, නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

විකල්ප වෛද්‍ය ක්‍රම පිළීබඳ විද්වතුන් 500 ක් ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට සූදානමින් සිටින අතර  ශ්‍රී ලංකාවේ ආයූර්වේද වෛද්‍යවරුන්ට ද තම දැනුම මෙම සම්මන්ත්‍රණයේ දී ලබා දීමට අවස්ථාව උදා වෙයි.

 

Rate this item
(0 votes)