April 18, 2024

හම්බන්තොට වරායේ අලාභය බිලියන 47ක්

හම්බන්තොට වරායේ  2011 වර්ෂයේ සිට 2017 දක්වා කාලය තුල වු ගණුදෙණුවලට අනුව රුපියල් බිලියන 47ක අලාභයක් වි ඇති බව වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඊයේ (26) පස්වරුවේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

“2011 සිට 2017 දක්වා හම්බන්තොට වරායේ ගණුදෙණු දිහා බැලු විට රුපියල් බිලියන 47ක් අලාභයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 47000ක අලාභයක් වෙලා තියෙනවා.මේ අලාභය පුරවන්න වෙලා තියෙන්නේ ශ්‍රි ලංකා වරාය අධිකාරියට වෙනත් වරායවල්වලින් උපයන ආදායමෙන්.සෑම වර්ෂයක් පාසාම ගත්තු ණය ගෙවන්න.රුපියල් මිලියන 9000ක් වරාය අධිකාරියෙන් ගෙවිමට සිදුවෙලා තියෙනවා.හම්බන්තොට වරායෙන් ආදායමක් හරි හැටි නැහැ.වියදම විශාල වශයෙන් වැඩියි නඩත්තුව විශාල වශයෙන් වැඩියි.අරගෙන තියෙන වාණිජ්‍ය ණය ගෙවන්න වෙලා තියෙන්නේ භාණ්ඩාගාරයට නෙවෙයි. වරාය අධිකාරියටයි. මේ විදියට යන්න බැහැ.වරාය අධිකාරියේ සේවක සේවිකාවන්ට ලැබෙන බෝනස් හා දිරි දිමනාව පවා අපට උපරිම දෙන්න බැරිවෙලා තියෙන්නේ හම්බන්තොට වරාය ඇතිවෙන පාඩුව නිසා.”

“ශ්‍රි ලංකා වරාය අධිකාරියට මේ ආයෝජනය ලොකු වාසියක්.මේ ආයෝජනය එනවිට භාණ්ඩාගාරයට තමයි ඒ ආයෝජනය අපි හරවන්නේ. භාණ්ඩාගාරය ඒ දවයේ ඉදලා ඒ ණය බර භාරගන්නවා. ඒ නිසා ශ්‍රි ලංකා වරාය අධිකාරියට ණය පියවන්න කටයුතු කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ ගිවිසුම නිසා රුපියල් මිලියන 9000ක් අපට ඉතිරි කරගන්න පුළුවන් මේ ගිවිසුම නිසාම මේ මුදල අපට යොදවන්න පුළුවන.වෙනත් වරායවල් සංවර්ධනයට වරාය අධිකාරියේ සේවක සේවිකාවන්ගේ සුභ සාධන කටයුතු සදහා වෘත්තිය සමිති හා වැඩ කරණ ජනතාව එකතෙරුම් අරගෙන තියෙනවා ඒ අය එකතුවෙලා මෙම ගිවිසුම හොදයි කියලා එකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා. දේශපාලන කෝණවලින් හා වෙනත් න්‍යාය පත්‍රවලින් බලන අය පමණයි මේ ගිවිසුමට විරුද්ධ.මධ්‍යස්ථව බලන්නේ නැතිව මේක හොද නැහැ කියන මතයේ ඉන්නවා.” යැයිද ඇමතිවරයා පැවසීය.

(ලලිත් චාමින්ද)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 28 July 2017 10:40