April 25, 2024

උතුරේ මිරිදිය කර්මාන්තය කඩා වැටෙයි - ධීවර පවුල් දහස් ගණනක් පීඩාවට

උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් උතුරේ පිහිටි වැව් සීග්‍රයෙන්  සිඳී ගොස් ඇති අතර මේ වන විටත් කුඩා වැව් සියල්ලක්ම පාහේ සිඳී ගොස් ඇති නිසාවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි අවධානම් තත්වයකට පත්ව ඇති බවට එම ධීවරයින් කියා සිටිති.

මේ වන විටත් වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි පිහිටි කුඩා වැව් සිඳී ගොස් ඇති අතරම වැව් සිඳී යාමත් සමග මිරිදිය කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවටත් එහෙයින් සිය ආර්ථිකය ද කඩා වැඩී ඇති බවට එම ධීවරයින් කියා සිටිති.

උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල ධීවරයින් පිරිසක් ජීවත්වන අතරම මේ වන විට වැව් සිඳී යාමත් සමග දිනෙන් දින මිරිදිය මසුන්ගේ ප්‍රමාණය අඩුවන අතරම මේ වන විටත් ධීවර පවුල් දහසකට අධික පිරිසක් දැඩි දුෂ්කරතවයන්ට මුහුණ පා සිටිති.

නැවත පදිංචි වීමෙන් පසුව ස්ථීර රැකියාවක් නොමැතිකමින් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යෙදුනද පසුගිය වසර අවසානයේ සිට උතුරේ පිහිටි වැව්වල ජල මට්ටම නොසිතූ අයුරින් අඩු වැඩි වීම නිසාවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් වුණු බවටත් මේ වන විට එහි අවධානම්ම තත්වයට මුහුණ පා සිටින අතරම ඉදිරියේදීත් වර්ෂාව නොලැබෙන්නේ නම් උතුරේ පිහිටි මහ වැව් සියල්ලක්මද සිඳී ගොස් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇති බවට උතුරේ ධීවරයින් වැඩිදුරටත් කියා සිටිති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 July 2017 16:44