April 20, 2024

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය ගල්ගමුව මුලික රෝහලේ ආරම්භ කරයි

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) ගල්ගමුව මුලික රෝහලේ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 20දා සිදු කෙරිණි.

රුපියල් කෝටි 105 ක පමණ වියදමකින් එම රෝහල නවීකරණය කිරීමෙන් පසු යලි ජනතා අයිතියට පැවරීමට සමගාමීව මෙම සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය හදුන්වාදීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන (Digital Health Programme) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා හැකිවන බව නියෝජිතායතනය පවසයි.

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට (HHIMS) තොරතුරු ඇතුලත් කෙරුණු රෝගියෙකුට ඒ සදහා පෞද්ගලික සෞඛ්‍ය කාඩ්පත නිකුත් කරනු ඇත.

මේ අතර ඉදිරියේදී තවත් රජයේ රෝහල් තුන්සියයකට පමණ මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමණාකරු මහීස දයානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 July 2017 15:57