April 19, 2024

රතු ළුණුවලට මිලක් නොමැතිව ගොවීන් අසීරුවෙන්

යාපනය ඇතුළු උතුරු පළාතේ රතුළුණු ගොවීන්ට මේ දිනවල සාර්ථක රතුළුණු අස්වැන්නක් ලැබෙමින් පවතින නමුත් එම රතුළුණු තොගවලට සාධාරණ මිලක් නොලැබෙන බව ගොවීන් පවසති.

මේ දිනවල සිල්ලර වෙළෙදසැල්වල රතුළුණු කිලෝවක් රුපියල් 100 ත් 120 ත් අතර මිලකට අලෙවිවන නමුත් රතුළුණුවල තොග මිල රුපියල් 40 ත් 60 ත් අතර මිලක් වන බව ගොවීන් කියා සිටිති.

මේ දිනවල උතුර පුරා දැඩි අව්ව සහිත කාලගුණයක් පවතින බැවින් රතුළුණු ගොවීන් සිය අස්වැන්න ඉතා අඩු මිලකට අලෙවි නොකොට ගබඩා කොට තබා ගැනීමට වැඩි ප්‍රවණතාවයක් දක්වන බව උතුරේ රතුළුණු ගොවීහු පවසති.

එමෙන්ම ලබන කන්නයේදී රතුළුණු වගා කරන ගොවීන් සඳහා බිත්තර රතුළුණු වශයෙන් තම රතුළුණු තොග සකස් කිරීමටද ඔවුන් පෙළඹී සිටිති.

(දිනසේන රතුගමගේ)

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 July 2017 15:36