April 20, 2024

ඖෂධවලින් සියයට 80ක් මෙරට නිෂ්පාදනයට නව කම්හල් 23ක්

වසර 2020 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 80 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඖෂධ කර්මාන්ත ශාලා 23ක් ඉදිකිරීම සදහා ගිව්සුම් 33 ක් අත්සන් කිරීමේ උත්සවයක් පැවතිණි.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පසුගියදා පැවැත්විනි. 

අත්සන් කළ ගිව්සුම් අමාත්‍යවරයා විසින් එම කර්මාන්තකරුවන්ට ලබාදෙන ලද අතර මෙම වැඩපිළිවෙල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව සිදු කරනු ලබන බව සඳහන් වේ.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය. “ඖෂධ නිෂ්පාදනයේ දී ගැටළු මතුවුවහොත් ඊට ව්සදුම් ලබාදීමට තමන් සුදානම්.නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂා කිරිමට රජය කැපවී සිටිනවා.යහපාලන රජයේ දී එය පුද්ගලීකරණය නොකරනවා. ඖෂධ කර්මාන්තය ව්‍යාපාරයක් මෙන්ම සේවාවක්.”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 July 2017 13:10