April 20, 2024

ඔසුසල් හිමියන්ට ආණ්ඩුවෙන් සහන රැසක් (PHOTOS)

ඔසුසල් හිමියන්ට සහන රැසක් සලසන බවත් වෛද්‍යවරුන් ඖෂධ තොඟ රැස්කිරීම පිළිබද විමර්ශණයක් සිදු කරන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ  (23)  පැවති  සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාවේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙමිනි.

ඇමතිවරයා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.

"අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේ දී සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය මට පුර්ණ සහයෝගය ලබා දුන්නා.ඒ පොදු ජනතාව දෙස ඔබලා ද අවධානය යොමු කරමින්.පාරිභෝගික ජනතාව සමග ගැටෙන්නේ ඔසුසල් හිමියන්.වර්තමානයේ ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට තර්ජනයක් ඇති වී තිබෙනවා.ඊට හේතු වී ඇත්තේ එම කර්මාන්තයට වඩා රෝග සදහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට සිදුවීම හේතුවෙන්.කොලෙස්ටරෝල් අහාර සහ ව්‍යායාමවලින් පමණක් පාලනය කළ හැකි බව නවතම පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.එම නිසා ඖෂධ ජාවාරමට වඩා නියම ඖෂධ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියා ලෝකය තුල සංවාදයක් ඇති වී තිබෙනවා.අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමෙන් විවිධ ඖෂධ නිෂ්පාදන 2348ක මිල අඩු වී තිබෙනවා.අධික මිල සහිත ඖෂධවල මිල පාලනය කිරීම කඩිනම් කළ යුතුයි.හෘද රෝගීන් සදහා ලබාදෙන ස්ටෙන්ස් මිල අඩු කිරීමට තමයි මම මීළඟට සුදානම් වන්නේ.දැනට ස්ටෙන්ස් එකක මිල රුපියල් ලක්ෂ 03ක් පමණ වනවා.එය රුපියල් එක්ලක්ෂ 5000 ක් දක්වා අඩු කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරනවා. නොමිලේ ස්ටෙන්ස් ලබාදීම හේතුවෙන් රජයේ රෝහල්වල රෝගී සංඛ්‍යාව ද සියයට 50කින් වැඩි වී තිබෙනවා.ස්ටෙන්ස් මිල අඩු කිරීමෙන් ඔසුසල් හිමියන්ට පාඩු වෙන්න පුළුවන්.එම තීරණයට විරුද්ධ වෙන්නත් පුළුවන්.නමුත් මෙය ජාතික මෙහෙවරක්.දුම්වැටිවල බදු වැඩි කළත් බීඩි උරන ප්‍රතිශතය වැඩි වී ඇති බව ප්‍රචාරයක් ගෙන යනවා.එය වැරදියි.” 

"ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටළු විසදීමට මම පියවර ගන්නවා.ඖෂධ ශාලා ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ දැමීම නිසා ගැටළු මතුවී ඇති බව මට මෙම සංගමය දැනුම් දුන්නා.මම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකචිඡා කර ඊට සහනයක් ලබාදෙන්නම්.නමුත් විශාල ප්‍රමාණයේ ඔසුසල්වලට එම සහනය ලබාදෙන්න බැහැ.ඔසුසල් හිමියන්ගෙන් ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම නිසා ගැටළුවක් මතු වී ඇති බව සංගමය මට දැනුම් දුන්නා.මම මුදල් අමාත්‍යාංශය සමග සාකචිඡා කළ අතර එහිදී අනාවරණය වුයේ එය බද්දක් නොවන බවයි.මෙම ගැටළුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් තිබුනා.බදු ගෙවන අය උනන්දු කරවීමේ අරමුණින් තමයි එම බද්ධ පනවා ඇත්තේ.නමුත් ඔබලාට සියයට දශම 5 ක ලාභයක් එමගින් ලැඛෙනවා.ඔසුසල්වල අලෙවි කරන ඖෂධවල ලාභය අඩුවීම පිළිබදව ද මෙහිදී සාකචඡා කෙරුනා.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ අලෙවි කරන ඔසුසල්වලට සියයට 18 ක වෙළෙද වාසියක් ලබාදීමට පියවර ගන්නවා. ඒ පිළිබදව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතියකින් තීන්දුවක් ලබාදෙයි. ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ තොඟ වශයෙන් රැස්කර තබා ගැනීම පිළිබද ඔබලා ගැටළු මතු වී ඇතැයි කියා සිටියා.එලෙස වෛද්‍යවරුන් ඖෂධ තොඟ වශයෙන් රැස්කර තබා ගන්නේ නම් එය ෆාමසියක් ලෙස ලියාපදිංචි කළ යුතුයි. මේ පිළිබදව විමර්ශණයක් ද ආරම්භ කරනවා.ඔබලාගේ ගැටළුවලට සහන ලබාදීමට මම අඛණ්ඩව කැප වෙනවා.” යනුවෙන්ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 July 2017 13:08