April 20, 2024

මහජන බැංකුවේ සිසු උදාන ගිණුමින් පහ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව තිළිණ

මහජන බැංකුවේ  සිසු උදාන ගිණුම වෙතින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දූ දරුවන් වෙත රුපියල් මිලියන 20 ක් වටිනා ශිෂ්‍යත්ව දහස් ගණනක දිනාගැනීමේ අවස්ථාව පිරිනමයි.

මේ සදහා අයදුම් කිරීමට 2017 සැප්තැම්බර් 30 වනදා විට  සිසු උදාන ගිණුමේ ශේෂය රුපියල් 5,000 හෝ ඊට වැඩි පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු පසුකළ සිසු දරු දැරියන් සුදුසුකම් ලබයි. 

මෙම වැඩපිළිවෙලට අනුව ජාතික මට්ටමින් ශිෂ්‍යත්ව පිරිනැමීමේදී දිවයිනේ ප්‍රථම, දෙවෙනි සහ තුන්වෙනි ස්ථාන ලබාගන්නා දරුවන් වෙත රුපියල් 150,000 ක්, රුපියල් 125,000 ක් සහ රුපියල් 100,000 ක් බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.

දිස්ත්‍රික්ක මට්ටමේ ශිෂ්‍යත්ව පිරිනැමීමේදී සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රථම ස්ථානය, දෙවෙනි ස්ථානය සහ තුන්වෙනි ස්ථානය දිනා ගන්නා දරුවන් වෙත රුපියල් 25,000 ක්, රුපියල් 20,000 ක් සහ රුපියල් 15,000ක් පිරිනැමේ.

මීට අමතරව දිස්ත්‍රික් කුසලතාවය අනුව රුපියල් 5,000 බැගින් වූ විශේෂ ශිෂ්‍යත්ව 2,000 ක් මෙන් ම ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු පසුකරන සිසු උදාන ගිණුම් හිමි සෑම දරුවකුට ම තෑගි පිරිනැමීමට  ද මහජන බැංකුව පියවර ගෙන ඇත.

එසේම සෑම දිස්ත්‍රික්කයකම ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන දිනාගන්නා දරුවන්ගේ පාසල්වලටත් මුදල් ත්‍යාග හිමිවේ.

මහජන බැංකුව සහ සිසු පරපුර අතර ඇති සම්බන්ධතාවය පහ වසර ශිෂ්‍යත්වයට පමණක්ම සීමා නොවන අතර  සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයවලින් ඉහළින් සමත්වන දරු දැරියන්ටත් මුදල් තිළිණ පිරිනැමීමට කටයුතු කර ඇත.එමෙන්ම ඔවුන්ගේ උසස් අධ්‍යාපනය දක්වාම විවිධ මුල්‍ය සේවා සපයමින් ඔවුන් ස්ථාවර අනාගතයක් ගොඩනගා දීමට වගකිය යුතු මූල්‍ය ආයතනයක් වශයෙන් මහජන බැංකුව ඇප කැප වී ක්‍රියා කරනු ඇත.

මෙම ශිෂ්‍යත්ව සදහා ඔබේ දරුවාත් සුදුසුකම් ලබා ඇතිනම්, ප්‍රතිඵල නිකුත් වූ සැණින් තම  සිසු උදාන ඉතුරුම් ගිණුම පවත්වාගෙන යනු ලබන මහජන බැංකු ශාඛාව වෙත ගොස් අදාළ අයදුම්පත පුරවා භාරදිය යුතු වේ. මෙවර පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දෙන ඔබේ දරුවාගේ ගිණුමේත් මුදල් තැන්පත් කර, ඔවුන්ගේ  හෙට දිනය සමෘද්ධිමත් කරන මෙන් මහජන බැංකුව දෙමාපියන්ට ගෞරවයෙන් ආරාධනා කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 July 2017 10:47