April 25, 2024

උසස් අධ්‍යාපනය ගොඩ ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්

උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන සියයක ණය මුදලක් ලබාදීමට එකගතාව පළ කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ ගිවිසුම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ලෝක බැංකු නියෝජිතයින් අතර ඊයේ (17) දිනයේ අත්සන් තැබුණු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ක්ෂේත්‍රයන් තුනක් කෙරෙහි මෙහිදී අවධානය යොමුකර තිබේ.

 ආර්ථික සංවර්ධනය සඳහා මුලිකවන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට සිදු කරන බඳවා ගැනීම් වැඩි කිරීම, උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම, පර්යේෂණ හා සංවර්ධනයන් මෙන්ම නවෝත්පාදන ප්‍රවර්ධනයට අදාළ ක්ෂේත්‍රයන් ඒ අතර වන බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය හරහා 2022 වර්ෂය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)