April 25, 2024

බංග්ලාදේශය - ශ‍්‍රී ලංකාව අතර වෙළෙඳ පිරිවැටුම ඇ.ඩොලර් මිලියන 142 කින් ඉහලට

ශී‍්‍ර ලංකාවේ නව ආයෝජන සහ වෙළෙඳ අවස්ථාවන් විමසා බැලෙන විශේෂ ආයෝජන සමුළුවක් ශී‍්‍ර ලංකාවේ සහ බංග්ලාදේශයේ ආයෝජකයින්ගේ මෙන්ම ව්‍යාපාරිකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ඩකා අගනුවරදී පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක් විය.

බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර වෙළෙඳ පිරිවැටුම වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 142 ක් වන අතර එය ඉදිරි වසර කිහිපය තුළ තෙගුණයකින් ඉහළ නංවාගැනීම පිළිබඳව දෙරටේ නායකයින් මීට පෙරදී ඇති කර ගත් එකඟතාවය පිළිබඳව ද මෙම සමුළුවේදී අවධානය යොමුවිය.

එමෙන්ම ගෑස්, බැංකු, හා ඇඟළුම් ආදී ක්ෂේත‍්‍ර ගණනාවක ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයින් බංග්ලාදේශයේ ආයෝජන සිදු කර තිබෙන අතර එම ක්ෂේත‍්‍රවල තවදුරටත් විවරව ඇති ඉඩ ප‍්‍රස්ථා පිළිබඳ මෙහිදී අනාවරණය විය.‍

මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ ද ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් ශ‍්‍රී ලංකාවේ ආයෝජනයන් සඳහා පැමිණෙන ලෙස ද බංග්ලාදේශ ආයෝජකයින්ට මෙහිදී ආරාධනා කෙරිණි.

ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය Abdul Hassan Mahmood Ali මහතා ද සමුළුව ඇමතූහ.

Rate this item
(0 votes)