April 25, 2024

ග්‍රාම නිලධාරීන් අතට “ටැබ්“ දෙයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පොළොන්නරුවේදී පැවැත්විණි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ”ස්මාර්ට් සමාජ කව” වැඩසටහන යටතේ මෙම ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවන අතර, එය සංකේතවක් කරමින් තමන්කඩුව, දිඹුලාගල හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරන ග්‍රාම නිලධාරීන් හා ග්‍රාමීය නියෝජිතයින් කිහිපදෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවිය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න ඇතුඑ මැති ඇමතිවරු පිරිසක් ද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් මහත්මිය ඇතුඑ නිලධාරීන් ද එක්විය.

Rate this item
(0 votes)