March 29, 2024

ගංවතුරෙන් විපතට පත් පවුල් දහසකට ලිට්රෝ වෙතින් ගෑස් ලිප් සහ සිලින්ඩර්

කළුතර, මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් දහසක් සඳහා ගෑස් ලිප් සහ සිලින්ඩර් ලබාදීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කර තිබේ.

එය සංකේතවත් කරමින් දස දෙනෙකු වෙත එම ගෑස් ලිප් සහ සිලින්ඩර් ප‍්‍රදානය කිරීම ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිදු විය.

ගෑස් ලිපකින්, සිලින්ඩරයකින් සහ රෙගියුලේටරයකින් සමන්විත මෙම එක් කට්ටලයක වටිනාකම රුපියල් පන්දහසකට අධිකය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක, ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ, අධ්‍යක්ෂ චමින්ද එදිරිවික‍්‍රම, මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් සමන්තිකා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)