March 29, 2024

විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛනයට

ගත වු මාස 6ක කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67ක් අසාදු ලේඛන ගත කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය වසරේ දී විදේශ රැකියා නියෝජිත ආයතන 61ක් අසාදු ලේඛන ගත කර ඇති බව වාර්තා වේ.

පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහයක් නොදැක්වීම කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයථා ක්‍රම මඟින් පුද්ගලයින් විදේශගත කිරීම, මුල්‍ය වංචා සිදුකිරීම, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු හේතුවෙන් එම පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 702ක් පවතින අතර ඉන් 355ක් කොළඹ දිස්ත්‍රික්කයේ බව වැඩිදුරටත් සඳහන් වේ.

ඇතැම් ආයතන කුඩා දරුවන් සිටින මව්වරුන් පවා කූට ලේඛන උපයෝගී කරගනිමින් විදෙස් ගත කරවීමට කටයුතු කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කළේය.

Rate this item
(1 Vote)