April 18, 2024

එයාර් ඉන්දියා විකිණීමට කැබිනට් අනුමැතිය

එයාර් ඉන්දියා (Air India) ගුවන් සේවයේ පෞද්ගලීකරණ සැලසුම් සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයාර් ඉන්දියා (Air India) ගුවන් සේවය තරඟකාරී අඩු මිල ගුවන් සමාගම් සමඟ තරඟ වදිමින් සිය ආදායම් වැඩිකර ගැනීමේ දුෂ්කර වාණිජ අරගලයක නිරතව සිටි අතර අවසානයේ එය පෞද්ගලික අංශයට පැවරීමට ඉන්දියානු බලධාරීන් විසින් තීන්දු කරනු ලැබ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් සමාගම මේවනවිට ඉන්දීය මුදලින් රුපියල් කෝටි 52000ක (ඇමෙරිකානු ඩොලර් කෝටි 800) ණය බරකින් යුක්ත බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර ගුවන් සේවය පසුගිය කාලය තුළ පවත්වා ගෙන යනු ලැබුණේ ද  බදු ගෙවන්නන්ගේ අරමුදල් මගින් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

(බීබීසී)

Rate this item
(1 Vote)