March 29, 2024

කොළඹ කොටස් වෙළෙඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩලයට දුමිත් ප්‍රනාන්දු පත්වෙයි

පසුගියදින පවත්වන ලද 32 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී දුමිත් ප්‍රනාන්දු මහතා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වී තිබේ.

දශක දෙකක පමණ කාලයක ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහ ආසියාවේ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු ලෙස පළපුරුද්දක් හිමි දුමිත් ප්‍රනාන්දු මහතා, 2015 වර්ෂයේ සිට ඒෂියා සෙකියුරිටිස් සමාගමෙහි සභාපති හා ප්‍රධාන කොටස් හිමියකු ලෙසද කටයුතු කරයි. එතුමා Credit Suisse (හොංකොං ප්‍රදේශයේ) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හා සමුහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධුරය හෙබවිමට පෙර Credit Suisseසහ JP Morgan යන සමාගම්වල ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස ධුරය හොබවමින් රටවල් 12ක මෙහෙයුම් කටයුතු අධීක්ෂණයෙහි නිරත විය. තවද නිව්යෝක් සහ හොංකොං නගරවල පිහිටි JPMorgan සමාගමෙහි සාංගමික මුල්‍ය කටයුතු, M&A උපදේශක, පෞද්ගලික සුරැකුම්පත් ආයෝජනය සහ සාංගමික උපායමාර්ග යන අංශවලද විවිධ තනතුරු හෙතෙම දරා ඇත.

ගෝලිය වත්කම් කළමනාකරන සමාගමක් වන හොංකොං Tybourne Capital Management සමාගමෙහි ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු කරන ඒ මහතා සමාගම් කිහිපයක විධායක නොවන සභාපති ලෙස කටයුතු කරමින් පවතී. 2013 වර්ෂයේදී World Economic Forum යන ගෝලීය සංසදය විසින් ඔහුවYoung GlobalLeaders සංසදයට තෝරා පත් කරන ලදී.

දුමිත් ප්‍රනාන්දු මහතා මිඩ්ල්බරී කොලේජියෙන් (Middlebury College) භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද හාවඩ් බිස්නස් ස්කුල් (Harvard Business School) විශ්ව විද්‍යාලයෙහි MBA උපාධියෙන්ද පිදුම් ලබා ඇත.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සමාජික තැරැව්කාර සමාගම් විසින් පත්කර ගත් අධ්‍යක්ෂවරුන් පස් දෙනකුගෙන්ද ශ්‍රී ලංකා රජය විසින් පත්කර ගත්අධ්‍යක්ෂවරුන් සතර දෙනකුගෙන්ද සමන්විත වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 June 2017 12:35