April 20, 2024

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට BOC අවධානය (PHOTOS)

ඉදිරියේදී රටේ ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ලංකා බැංකුවේ වැඩි අවධානය කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර නඟා සිටුවීමට යොමු කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන  අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

ඊයේ( 27) දින ලංකා බැංකු මූලස්ථානයේ දී පැවති,ලංකා බැංකුවට නව ආරක්ෂක සහයකයන් ලෙස පත් වූ පිරිසට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

ලංකා බැංකුව,මේ වසරේද මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුදල බිලියන 18 ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ඊට අමතරව රජයේ සුබ සාදන කටයුතු වෙනුවෙන් විශාල මැදිහත් වීමක් කරන බව ද පෙන්වා දුන්නේය.

තම අමාත්‍යංශය සතු ආයතන අතරින් වාර්තාගත ලාභයක් උපයන ආයතනයක් ලෙස,දේශිය ආර්ථිකයට විශාල සහයක් ලබා දෙන ලංකා බැංකුව ඉදිරියේදී තව දුරටත් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගනිමින්,කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටුවීමට අවශ්‍යය ප්‍රාග්ධනය ලබා  දීමට වැඩි අවධානයක් යොමු කරන ආයතනයක් බවට පත් කළ යුතු බව අමාත්‍යවරයා පැහැදිලි  කළේය.

ජපානය දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ හානියෙන් පසුව නැවත නඟා සිටවීම සඳහා බෙහෙවින් බලපෑවේ එරට රජය විසින් ආරම්භ කළ සංවර්ධන බැංකු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

වර්තමානයේ  ශ්‍රී  ලංකාව වැඩිම බැංකු පොලී අනුපාතයක් සහිත රටක් ලෙස ජාත්‍යන්තරය හා සසදද්දී පැහැදිලි වන බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා මේ තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ජාතික අවශ්‍යයතාවයන් වෙනුවෙන් ව්‍යවසායකයන් නිර්මාණ්‍ය කිරීමේ කාර්යය සඳහා බැංකු ප්‍රතිපත්ති නම්‍යශීලීවීමේ අවශ්‍යයතාවය  අවධාරණය කළේය.

 

 

Rate this item
(0 votes)