March 29, 2024

රුපියල සියයට 2.3කින් පිරිහිලා

මේ වසරේ මුල සිට ඉකුත් ජුනි 27 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.3 කින් අවප්‍රමාණය වී තිබේ.

මේ අනුව ඉකුත් 23 දා වන විට ඇමෙරිකානු ඩොලරයක රුපියලේ අගය රු. 154.97 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.

ගිය වසරේදී (2016) ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 3.8 කින් පිරිහීමට ලක්‌විය.

පසුගිය මාසවල අපනයන ආදායම් ඉහළ ගියත් ඊට සාපේක්‍ෂව ආනයන වියදම ද වැඩියෙන් ඉහළ යාම ද විනිමය අනුපාතය මත පීඩනයක්‌ එල්ල කර තිබේ.

Rate this item
(0 votes)