March 29, 2024

තුර්කිය - ලංකාව අතර ආයෝජන කටයුතු පුළුල් වේ

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආනයන අපනයන කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය සඳහා අවස්ථාව උදා වී ඇති බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තොන්කා ඔෂ්කඩර් මහතා (Tunca Ozcuhadar) පැවසිය.

ඊයේ (23) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේ දී තුර්කි තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

තුර්කි තානාපතිවරයා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එළඹ ඇති බවද කියා සිටියේය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව හා තුර්කිය අතර වෙළඳ හා ආයෝජන කටයුතු ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනුණු අතර රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ තුර්කි රාජ්‍ය විවිධ අංශයන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරන බවයි.

Rate this item
(0 votes)