April 23, 2024

කොළඹ කොටස් වෙළඳපොළෙන් මාතර ප්‍රදේශයට පරිත්‍යාගයක්

මාතර ප්‍රදේශයේ ඇති වූ ගංවතුර උවදුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කොට ගෙන පරිත්‍යාග පිරිනැමීමට කොළඹ කොටස් වෙළඳපොළ පසුගියදා ඉදිරිපත් විය.

මෙසේ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මාතර ශාඛාව විසින් හඳුනාගත් මාතර ප්‍රදේශයේ වෙසෙන පීඩාවට පත් වූ පවුල් 100කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස හඳුනාගත් ගෘහභාණ්ඩ පිරිනැමීම සිදු විය.

මීට අමතරව වැඩිහිටියන්ට හා පාසල් සිසුන් සඳහා පාවහන් පරිත්‍යාග කිරීම ද එම අවස්ථාවේ දී සිදු විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 June 2017 14:13