April 24, 2024

මොබිටෙල් CCTV සේවාවෙන් ඔබේ නිවාස,කාර්යාල අධීක්ෂණ පහසුව

මොබිටෙල් වෙතින් දැන් තම පාරිභෝගිකයන් සඳහා තමා සිටින ස්ථානයේ සිට තම නිවස,කාර්යාලය හෝ සේවා ස්ථාන අධීක්ෂණය කිරීමේ සේවාව ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් වසරක් තුළ පහසු ගෙවීමේ ක්‍රමයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව උදාකර දී ඇත.ඒ සඳහා වසර 3ක වගකීමක්ද ලබා දෙයි.

නිරතුරුවම එහි සේවාවන් පුළුල් කිරීමට මොබිටෙල් බලාපොරොත්තු වන අතර CCTV (Surveillance) සේවාව මඟින් තම පාරිභෝගිකයන්ට ආරක්ෂාව සහ අනතුරු වැළැක්වීම් ද සිදු කර දෙනු ඇත.

තම ආරක්ෂාව පිළිබඳ සිතන හා ඒ වෙනුවෙන් කටයුතු කරන පාරිභෝගිකයන් හට CCTV සේවාව දැනට දේශීය වෙළෙඳපොළ තුළ ක්ෂණිකව වර්ධනය වේ.

එමගින් තමන් නැති අවස්ථාවක,රටින් බැහැරව සිටින අවස්ථාවක තමන්ගේ නිවසේ, ව්‍යාපාර කටයුතු පිළිබඳ සොයා බැලීමේ හැකියාව ද උදා වී ඇත.

 

Rate this item
(0 votes)