April 20, 2024

සැප්තැම්බර් වලින් පසු ශ්‍රී ලන්කන් පවත්වාගෙන යාමේ ගැටළුවක්!

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැප්තැම්බර් මාසය වන විට පවත්වාගෙන යාමේ ගැටළු මතුවන බව ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

නව රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගැනිම සදහා ඊයේ (19) එම අමාත්‍යංශයේ පැවැති උත්සවයෙන් අනතුරුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසී ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයට පත් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාරිපාලන ගැටලු බව පැවසූ ලක්ෂ්මන් යාපා රාජ්‍ය අමාත්‍යවරයා කඩිනමින් ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතු බවත් කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ‘ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ පාඩුව ක්‍රමිකව අඩු වී ඇතැයි බවයි.

ඒ අනුව 2011 සිට 2015 කාලයේදී සමාගමේ පාඩුව රුපියල් බිලියන 91.8ක් වූ බවත් එම පාඩුව 2016/2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 27,789ක් දක්වා අඩු වූ බවත් එම නිවේදනයේ දැක්වේ.

වසර 2015 දී ඉන්ධන මිල ගණන් අඩු වූ නිසා ප්‍රවේශපත්‍රවල මිල අඩු වුවත් ඉන්ධන මිල ඉහළ ගිය පසු ඊට සාපේක්ෂව ප්‍රවේශපත්‍ර මිල ඉහළ නොගිය බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම මිල අධික ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කිරීමත්, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් 2016 වසරේ මූල්‍ය ප්‍රකාශය දුර්වල වූ බව එහි සඳහන්ව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 June 2017 10:34