April 20, 2024

ඩෙංගු පරීක්ෂණ ගාස්තු පහළට - මෙන්න නව ගාස්තු

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල රුධිර පරික්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තු ලබන අද (19) සිට වහාම අඩු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් බලධාරින්ට පසුගිය 17 දින දැනුම් දී තිබේ. 

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කිරීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 

පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව මෙම මිල සංශෝධනය සිදු කරන අතර එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවත් ඒ අනුව රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව රුපියල් 250 ක් ලෙස ද ඩෙංගු රුධිර පරීක්ෂණ සදහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000 ක් ද විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මීට පෙර ඩෙංගු රුධිර පරික්ෂණ සදහා පෞද්ගලික රෝහල් අය කර ඇති ගාස්තුව රුපියල් 3000 කි.රුධිර පරීක්ෂණ වාර්තා පැය භාගයක් තුළ රෝගියාට ලබාදිය යුතු අතර පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 19 June 2017 15:13