April 24, 2024

හැටන් නගර සංවර්ධනය ඇරඹේ

හැටන් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හැටන් දුම්රිය ස්ථානය අසල ඉදිකරනු ලබන සිව් මහල් සාප්පු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයින්ගේ සුරතින් ඊයේ (18) සිදු කෙරිණි.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඉල්ලීමකට අනුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 450 ක් මේ සඳහා වෙන්කර ඇති අතර සාප්පු සංකීර්ණය ඉදිකිරීම මඟින් හැටන් නගරයේ සීඝ්‍ර සංවර්ධනයක් අමාත්‍යවරයා අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, නියෝජ්‍ය නායක වී රාධක්‍රිෂ්ණන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියාය.

Rate this item
(0 votes)