April 17, 2024

තරුණ පිරිසට ජපානයෙන් රැකියා පුහුණුවක්

ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi Suto මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ  එම අමාත්‍යංශයේදී ඊයේ (15) හමුවිය.

එහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව තානාපතිවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන්ගේ අනාගතයට සවියක් වන බවත්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම නොවැම්බර් මාසයේ අත්සන් කිරීමට නියමිත බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය තවදුරටත් සඳහන් කළේය.

 

Rate this item
(1 Vote)