April 24, 2024

ලංකාව නේපාලය අතර ඍජු ගුවන් ගමන් සේවාවක්

ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්හර් පියක්කුර්යල් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහිදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා පුළුල් කර ගැනීම පිලිබඳ හා ශ්‍රී ලංකාව හා නේපාලයේ කත්මණ්ඩු අගනුවර අතර ඍජු ගුවන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද සාකච්ජා කර ඇත.

තවදුරටත් දෙරට අතර වාණිජ කටයුතු පුළුල් කර ගැනීමටත් සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ජා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහය ලබා දෙන බව තව දුරටත් නේපාල තානාපති ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)