March 29, 2024

සීනි බද්දෙන් පසු සිල්ලර මිල වැඩි වී නෑ

සීනි ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කලත් වෙළඳපොලේ සිල්ලර මිල ඊට සමගාමීව වැඩි කර නැති බව සීනි ආනයනකරුවන්ගේ සංගමය විසින් පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දීමක් කර ඇත.

ඒ අනුව වෙළඳපොලේ සිල්ලර සීනි මිල ඉහළ යාමට කිසිසේත් ඉඩකඩක් නොමැති බවත් එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නීතිවිරෝධී බවත් මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් සතොස වෙළඳසැල් හරහා සීනි කිලෝවක මිල රුපියල් 102 ක සිල්ලර මිලකට අලෙවි කෙරේ.

 

Rate this item
(0 votes)