April 19, 2024

සීනි මිල ඉහළට

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇත.

මෙම වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් දහයකින් ඉහළ දැමීමත් සමඟම සීනි කිලෝවක තොග මිල රුපියල් 7ත් රුපියල් 8ත් අතර මිලකින් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා ඉහළ ගොස් ඇත.

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් හේමක ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ හේතුවෙන් සීනි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි ඉහළ යාමක් සිදු විය හැකි බවයි.

මේ අතර තේ සහ කිරි කෝප්පයක මිලද ඉහළ යන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩි දුරටත් පැවසීය.

Rate this item
(3 votes)