April 24, 2024

එළවලු මිල සීග්‍රයෙන් ඉහළට

ගංවතුරත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවලු ලැබීම අඩු වීමත් සමඟ විශාල වශයෙන් මිල ඉහළ යාමක්ද පෙනී ගොස් ඇත.

විශේෂයෙන් දඹුල්ල වෙළඳපලට කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවලු සියල්ල කිලෝවක් රුපියල් 150 ත් 220 ත් අතර තොග මිලක් පවතින බවත් සිල්ලර වෙළඳපොලේ මීටත් වඩා වැඩි මිලක් පවතින බවත් වාර්තා වේ.

පසුගිය 04 වන දින වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු වර්ග කිහිපයක තොග මිල පහතින් දැක්වේ .

ඒ අනුව ගෝවා කිලෝවක් රුපියල් 130 ත් රුපියල් 140 ත්, ලීක්ස් කිලෝවක් රුපියල් 70 ත්  රුපියල් 90 ත්, කැරට් කිලෝවක් රුපියල් 220 ත් රුපියල් 270 ත්, වම්බටු කිලෝවක් රුපියල් 120 ත් රුපියල්  130 ත්, රාබු, නෝකෝල්, දඹල ආදී එළවලු කිලෝවක් රුපියල් 100 සිට රුපියල්160 දක්වා මිල ගණන් පැවතියද බෝංචි කිලෝවක් රුපියල් 150 ක්ද, කැරට් රුපියල් 230 ක් ද, අමු මිරිස් රුපියල් 450 ක්ද, කරවිල රුපියල් 160 ක්ද, මාලු මිරිස් රුපියල් 280 කටද, මෑ කරල් රුපියල් 120 කටද, බීට් රුපියල් 160ක්ද ලෙස පැවතුණි.

මීට සාපේක්ෂව සිල්ලර එළවලු මිල තොග මිලට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය 4 වන දා යාපනයෙන් ලැබුණු වට්ටක්කා කිලෝවක් රුපියල් 120 කට අලෙවි වූ අතර එක වට්ටක්කා ගෙඩියක් කිලෝ 28කි. එම වට්ටක්කා ගෙඩිය රුපියල් 3160 කට අලෙවි වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කරයි.

එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් පවසන්නේ පාරිභෝගිකයන් ඉතා සීමිත ප්‍රමාණයක් එළවලු මිල දී ගන්නා බවත්,එළවලුවල හිඟයක් පවතින බවත්ය.

(දඹුල්ල - කාංචන කුමාර )

Rate this item
(2 votes)