April 24, 2024

ඉසූසු ලීසිං සේවා දැන් HNB වෙතින්..

හැටන් නැෂනල් බැංකුව සහ සතොස මෝටර්ස් පී.එල්.සී නව වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව සතොස මෝටර්ස් පී.එල්.සී යටතේ ඉසූසු මෝටර් රථ මිල දී ගැනීමේ දී හැටන් නැෂනල් බැංකුවේ ලීසිං අංශය හරහා ලීසිං පහසුකම ලබා ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයන්ට උදා වී ඇත.

මේ ය‍ටතේ ලියාපදිංචි නොකළ ද්විත්ව කාර්ය මෝටර් රථ සඳහා (බස්, ට්‍රක්,කැබ්) මෙම ලීසිං පහසුකම් සපයා ගත හැකි අතර පහසු ලීසිං වාරික සහ සිත්ගන්නාසුළු මිල ගණන් යට‍තේ මෙම සේවා සැපයීමට හැටන් නැෂනල් බැංකුවේ ලීසිං අංශය පියවර ගෙන තිබේ. 

Rate this item
(0 votes)