April 25, 2024

චීන විශේෂ කර්මාන්ත කලාපයක් ලංකාවට

චීන ආයෝජකයින් වෙනුවෙන් විශේෂ කර්මාන්ත කලාපයක් මෙරට ස්ථාපිත කරන ලෙස චීනයේ ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ප්‍රාන්තයේ ආයෝජකයින් රැසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ඉල්ලලා සිටියේය.

මෙම ආයෝජකයින් අමාත්‍යවරයාගෙන් මෙලෙස ඉල්ලා සිටියේ චීනයේ ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ප්‍රාන්තයේ ප්‍රකට සමාගම් සමූහයක නියෝජිතයින්, චීන රාජ්‍ය නිලධාරීන් හා චීනයේ ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ආයෝජන සංසදය සමඟ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවැති සාකච්ඡාවකදී ය.

මෙහිදී අදහස් දැක්වූ චීනයේ ග්වංසි ස්වෑන්ග් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පෙන්ග් කිංග්වා (Peng Qinghua) මහතා,

" අප ප්‍රාන්තයේ බෙයිබු අන්තර්ජාතික නැව්තොට, ශ්‍රී ලංකාව ට ළඟම වරායයි. බෙයිබු වරායේ නාවික ප්‍රවර්ධන වෙළෙඳ සමාගම් 70කට අධික ප්‍රමාණයක නියෝජිතයින් පිරිසක් ලංකාවේ පැවැත්වෙන ග්වංසි ස්වෑන්ග් (Guangxi Zhuang) ආයෝජන සංසදයට සහභාගීවීමට කොළඹ ට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ග්වංසි ප්‍රාන්තයේ සම්බන්දතාවලට දිගු ඉතිහාසයක් තිබෙනවා. එය අවුරුදු 2000කට වඩා පැරණියි. මුහුදුබඩ සේද මාර්ගය මීට හොඳම සාක්ෂියක් " යැයි පැවසීය.

Rate this item
(0 votes)