April 16, 2024

e-bay, Amazon බඩු සඳහා ඉදිරියේ දී බදු

ලංකාවේ විවෘත ආර්ථිකයත් සමග පැමිණි බොහෝ දේ මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාව වෙනස් කළා. එමෙන්ම පහසු කළා. අද්‍යතනයේ මිනිසුන්ගේ භාණ්ඩ මිලදී ගැනීම් වෙනත් යුගවලට වඩා වෙනස්. භාණ්ඩ විකිණීම හා බෙදා හැරීමේ ක්‍රමවේදය ද වෙනස්.

ආරම්භයේ සිට මේ වන තෙක් අන්තර්ජාල බඳ ගෙවීම් (E-Commerce) ක්ෂේත්‍රය ශීග්‍රයෙන් වර්ධනය වූ ක්ෂේත්‍රයක්. එය ඉතා කාර්යබහුල ජීවන රටාවක් හිමි මිනිසුන් හට පහසු ක්‍රමයක් වුණා.

මිනිසුන් වරාය, ගුවන්තොටුපල සහ තැපැල් සේවයෙන් ගෙන්වා ගනු ලබන භාණ්ඩ සඳහා ලංකා රජයට බදු ගෙවීමක් සිදුකරන නමුත් අන්තර්ජාල බඳ ගෙවීම් ( E-Commerce) සඳහා බදු ගෙවීමක් කරන්නේ නැහැ. 

2016 මහා බැංකු වාර්තාවට අනුව IT (සන්නිවේදන තාක්ෂණ) ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල විශාල වර්ධනයක් පෙන්නුම් කරන අතර ඒ අතුරින් වැඩිම භාගය ලැබෙන්නේ E-Commerce වලින් බවයි සඳහන් වෙන්නේ.

මෙයට හේතුව අන්තර්ජාලයෙහි මේ වනවිට ප්‍රති තත්වාරෝපනය කරන ලද වෙබ් අඩවි සහ mobile apps බවයි සඳහන් වෙන්නේ.

ජේෂ්ඨ මූල්‍ය අමාත්‍යංශ නිලධාරියෙක් පවසන පරිදි E-Commerce සඳහා බදු අය නොකිරීම විධිමත් බදු ක්‍රියාවලියෙන් පිට පැනීමක්.

එම නිසා රජය මාර්ගගත (online) ගණුදෙනු ක්‍රමානුකුල කිරීමට සහ එම ක්ෂේත්‍රයෙන් බදු අය කිරීමට පියවර ගන්න බව සඳහන් වේ.

එනම් Amazon, e-bay වැනි සමාගම් සඳහා ලංකාව තුල බදු පැනවීමක් ඉදිරියේදී කිරීමට බලාපොරොතු වෙනවා.

මේ සඳහා ICTA (The Information Communication Agency) ආයතනය මෙම සමාගම්වලින් බදු අයකිරීමට පොදු වේදිකාවක් සකස් කරනු ඇති අතර, රාජ්‍ය භාණ්ඩාගාරය විසින් මෙය සම්පුර්ණ අධීක්ෂණයට ලක්වෙනු ඇති බවත් සඳහන් වෙනවා.

නමුත් බොහෝ ආර්ථික විචාරකයින් පවසන්නේ මෙය ලංකාවේ ආර්ථිකයට බලපානු ලබන ගැටළුවක් වනු ඇති බවත් මෙම අධික බර පැනවීම්වලට පෙර සියලුම අන්තර්ජාල බඳ ගෙවීම් සමාගම් සමග විවෘත සංවාදයකට පැමිණිය යුතු බවත් ය.  

 

Rate this item
(0 votes)
Last modified on Monday, 22 May 2017 13:13