April 19, 2024

2020 දී ශ්‍රී ලංකාව දැනුමේ ආර්ථීකයක් බවට..

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් 2020 දී ශ්‍රී ලංකාව දැනුමේ ආර්ථීකයක් බවට පත්කිරීම උදෙසාවූ තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධනය පිළිබඳව සකස් කළ පස් අවුරුදු ආයෝජන සැලැස්ම පිළිබඳ විද්වත් සංගායනාව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2014 ජූලි මස 07 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට නියමිතය.

මෙම කෙටුම්පත සඳහා ප්‍රමුඛ තාක්ෂණ ක්ෂේත්‍ර දහයක් හඳුනාගෙන ඇති අතර, ඒවා ජලය, ආහාර, සෞඛ්‍යය, නිවාස, බලශක්තිය, පේෂ කර්මාන්තය, ඛනිජ සම්පත්, දැනුම් සේවාවන්, මූලික විද්‍යාවන් හා තාක්ෂණයන් සහ පරිසරයයි.

ප්‍රතිපත්ති සම්පාදනය, පර්යේෂණ, නව උත්පාදන, නිනිති තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, දේශීය දැනුම, විද්‍යා යටිතල පහසුකම්, හැකියා ප්‍රවර්ධනය සහ අලෙවිකරණය හා ප්‍රවර්ධනය ලෙස ඉහත ප්‍රමුඛ තාක්ෂණ  ක්ෂේත්‍ර සඳහා ක්‍රියාමාර්ගික මැදිහත්වීම් 10ක්ද හඳුනාගෙන තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ විද්වතුන් 500කගේ පමණ සහභාගිත්වයෙන් මෙම විද්වත් සංගායනාව පැවැත්වීමට නියමිත බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

Rate this item
(0 votes)