April 19, 2024

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවට නව සභාපතිවරයෙක්

2017 මැයි මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නව සභාපති වරයා ලෙස රේ අබේවර්ධන මහතා වැඩ භාර ගැනීමට නියමිතය. 
 
වර්තමාන සභාපති වජිර කුලතිලක මහතාගේ තුන් අවුරුදු සභාපති ධුර කාලය අවසන්වීම හේතුවෙන් රේ අබේවර්ධන මහතා සභාපති ලෙස පත් විය.
 
තැරැව්කරුවකු හා වර්ෂ 2009 සිට ආයෝජන බැංකුකරුවකු ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළේ වසර තිහක පළපුරුද්දක් හිමි රේ අබේවර්ධන මහතා ඇක්විටි පාට්නර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරයි. 1986 වර්ෂයේදී නවක තැරැව්කරුවකු ලෙස ෆෝබ්ස් ඇන්ඩ් වොකර්ස් ලිමිටඩ් සමාගමෙන් තම වෘත්තීය ආරම්භ කල අතර පසුකාලීනව එම සමාගමේම කළමනාකාර අධ්‍යක්ෂක ලෙස 1998 වර්ෂයේදී උසස් වීම් ලැබීය. 2001 වර්ෂයේදී DFCC Stockbrokers (Pvt) ලිමිටඩ් සමාගම පිහිටුවීමට මුලිකව කටයුතු කල අබේවර්ධන මහතා එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන වීධායක නිලධාරී ලෙසද කටයුතු කළේය. 2009 වර්ෂයෙදී ඇක්විටි පාට්නර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම පිහිටුවීමෙන් පසුව ඔහු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල අතර 2012 වර්ෂයේ සිට කළමනාකාර අධ්‍යක්ෂක ලෙසද කටයුතු කළේය. අබේවර්ධන මහතා දේශීය හා විදේශීය ආයෝජන සමුළු රාශීයකට සම්බන්ධ වූ අතර කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අනු කමිටු රැසක සමාජිකත්වය දැරීය. 2013 වර්ෂයේදී කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්‍යක්ෂවරයකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකත්වය ලබා වර්තමානයෙදී වෙළදපොළ සංවර්ධන, අවදානම් හා විගණන හා නීතිමය කටයුතු අනු කමිටුවලද කටයුතු කරයි. Colombo Stock Brokers Association සංගමයෙහි සභාපති ලෙසද කටයුතු කර ඇත.
 
ඇක්විටි තැරැව්කාර පුද්ගලීක සමාගමේ සහ ඇක්විටි සෙකියුරිටිස් ලිමිටඩ් සමාගමේ වත්මන් සභාපති ලෙස රේ අබේවර්ධන මහතා කටයුතු කරයි. තවද Lanka Ventures පී.එල්.සී, Softlogic Life Insurance පී.එල්.සී, Guardian Acuity Asset Management ලිමිටඩ්, LVL Energy Fund ලිමිටඩ් සහ Central Depository Systems පුද්ගලික සමාගම යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවලද අධ්‍යක්ෂ ධුරය හොබවයි.
රේ අබේවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයෙහි (Chartered Institute of Marketing- UK) සමාජිකත්වය හොබවයි. යුනිචර්සිටි ඔෆ් වේල්ස් (University of Wales) විශ්ව විද්‍යාලයේ MBA උපාධියෙන්ද එම මහතා පිදුම් ලබා ඇත.
Rate this item
(1 Vote)