April 25, 2024

වාහන ලියාපදිංචියේ වෙනසක් 

මෙරට වාහන ලියාපදිංචිය පසුගිය මාර්තු මාසයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව මාර්තු මාසයේ වාහන 39,173ක් ලියාපදිංචි කර ඇති අතර, යතුරුපැදි ලියාපදිංචිය එහිදී කැපී පෙනෙන බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි. 

මෝටර් කාර් ලියාපදිංචිය එහිදී සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, මිනි ට්‍රක් රථ ලියාපදිංචිය අඩුවීමක් දැකිය හැකියි. 

පෙබරවාරි මාසයේ දී 786ක් වූ අළුත් මෝටර් රථ ලියාපදිංචිය මාර්තු මාසයේදී 936 දක්වා ඉහළ ගොස් ඇති අතර, පාවිච්චි කළ මෝටර් රථ ලියාපදිංචිය පෙබරවාරි මාසයේ වාර්තා වූ 1362කට සාපේක්ෂව 2025 දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. 

Rate this item
(1 Vote)