March 28, 2024

රෙනෝල්ට් කාර් සමඟ විදුලි මැස්සෙක්

රෙනෝල්ට් සමාගම විසින් නිපදවා ඇති සිය නවතම කාරය වන Renault Kwid රථයක් මිලදී ගන්නෙකුට එම කාරය සමග අහසේ පියඹා යන පුංචි යානාවක්ද හිමිවන බව විදෙස් වාර්තාවල දැක්වේ.

පිරිමි මී මැස්සකු මෙන් වන අදාළ  යානාව මාර්ග තදබදය පිළිබඳ ඔත්තු බැලීමට යෙදවිය හැකි එකකි.

අදාල යානාව මගින් ලබාගන්නා වීඩියෝ දත්ත කාරයේ ඇති තිරයක් වෙත එවීමෙන් ඉදිරියේ පවතින මාර්ග තදබදය පිළිබඳ දත්ත රියදුරාට කළින්  දැන ගැනීමට හැකියාව ලැබේ.

මේ යානාව කාරයේ ඩෑෂ් බෝඩය මත ඇති පරිඝණකය මගින් පාලනය කළ හැකි ලෙස නිපදාවා තිබේ.

ඉන්දියාවේ දිල්ලි මෝටර් රථ ප්‍රදර්ශණයේදී  නව මාදිලියක් ලෙස හදුන්වාදෙනු ලැබිණි .

මේ මෝටර් රථයේ පෙනුමද  ඉතා දැකුම්කළු වේ.

(සුදේෂ් කරුණාතිලක -බහරේන් )

Rate this item
(0 votes)
Last modified on Monday, 24 March 2014 12:39