April 20, 2024

වත්තල අල්ටෙසා නිවාස සංකීර්ණයේ වැඩ අරඹයි

ඔඩිලියා සමූහ ව්‍යාපාරයේ නවතම සාමාජිකයා වන ඔඩිලියා රෙසිඩෙන්සීස් පුද්ගලික සමාගම සම්භාවනීය අමුත්තන් කිහිපදෙනකු, පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය හා  හිතවතුන් සමග පසුගියදා වත්තල, ඇවරිවත්ත පාරේ අංක 202 හි පිහිටි ව්‍යාපෘති වැඩබිමේ දී  අල්ටෙසා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු සුබ මොහොතින් ආරම්භ කළේය. 

වත්තල ප්‍රදේශයේ උසම ගොඩනැගිල්ල ලෙස සැළකෙන සුඛෝපභෝගී නිවාස 60කින් යුතු අල්ටෙසා නිවාස සංකීර්ණයේ  සෑම මහලක්ම සියලු සැප පහසුකම්වලින්  සමන්විතය. නිදන කාමර 2ක්, නිදන කාමර 3ක්, නිදන කාමර 4ක් සහ නිදන කාමර 5ක් ඇතුළත් ඩුප්ලෙක්ස් නිවාසවලින් යුතු ඒකක මහල් අටකින් යුත් මේ ගොඩනැගිල්ලේ ඉදි කෙරේ. එමෙන්ම මුහුදු තීරය දර්ශනය වන ආකාරයෙන් එහි සත් වැනි මහලේ තනි පලයේ නිවසක් ද ඉදි කෙරෙනු ඇත. 

සාමකාමී හා තරගකාරී ජීවන රටාවක අත්දැකීම් ලබා දෙන පාරිභෝගිකයන්ට  හැම අතින්ම පහසුකම් සලසා දෙන කදිම ස්ථානයක මේ ව්‍යාපෘතිය නිර්මාණය කෙරේ. මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක් තරම් දුරකින් ඇවරිවත්ත පාරේ ඉදිකෙරෙන මේ ව්‍යාපෘතිය දුම්රිය මාර්ගයට, ගුවන් තොටුපල, අධිවේගී මාර්ගයට, මහනුවර මාර්ගයට හා මීගමුව පාරට ඉතා නුදුරින් පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළෙඳ සංකීර්ණ, රෝහල්, හෝටල්, අවන්හල් සහ ප්‍රධානතම පාසල් නිසා මේ ව්‍යාපෘතියට ප්‍රමුඛස්ථානයක් ලැබෙනු ඇත. අල්ටෙසා රෙසිඩෙන්සිස් සිට කොළඹ නගරයට මිනිත්තු 15කින් ළඟා විය හැකිය. 

අල්ටෙසා ව්‍යාපෘතියේ නිවාස ඒකක 60 ම වරලත් වාස්තු විද්‍යඥයන්ගෙන් සමන්විත කීර්තිමත් සමාගමක් විසින් නිර්මාණය කර ඇති අතර සියලු ඉදිකිරීම් කටයුතු සිමෙන්තිවල සිට තීන්ත දක්වා සහ විද්‍යුත් පද්ධතියේ සිට ජලනල පද්ධතිය දක්වා තත්ත්වයෙන් උසස් ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගනිමින් සිදු කෙරේ. 

නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සඳහාම වෙන්වූ නවීන පන්නයේ ව්‍යායාම උපකරණවලින් සමන්විත ශාරිරික ව්‍යායාම ශාලාවක් ගොඩනැගිල්ලේ ඉහළින් ඉදි කෙරෙන අතර සමාජ ශාලාවක් හා පිහිනුම් තටාකයක් ද ඒ අතර වෙති. නාගරික මුහුණුවරකින් යුතුව වත්තල නගරයේ පළමු වරට ඉදි කෙරෙන නිවාස සංකීර්ණය වන අල්ටෙසා රෙසිඩෙන්සීස් ශාන්ත ජීවනරටාවකට කදිම පසුබිමක් සපයා දෙනු ඇත. 

වසර දෙකක් ඇතුළත මේ ව්‍යාපෘතිය නිමා කිරීමට අපේක්ෂා කෙරේ. නිවාස ඒකකයක් රුපියල් මිලියන 12 සිට ඉහළට මිළ කොට තිබේ. මෙහි නිදන කාමර 2ක නිවාස ඒකක දැනටමත් අලෙවි වී අවසන්ය. 

අල්ටෙසා නිවාස සංකීර්ණය,  ඔඩිලියා හෝම්ස් සමූහ ව්‍යාපාරයේ ක්‍රමානුකූල හා ස්ථාවර ප්‍රගතියේ කැපී පෙනෙන වැදගත් සංධිස්ථානයක් බව එහි කළමනාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න මහතා පවසයි. 

නිවාස සංකීර්ණ ව්‍යාපාර වර්තමානයේ මෙරට සීඝ්‍රයෙන් වර්ධනය වන ව්‍යාපාර වර්ගයට ඇතුලත් වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. නිවාස සංකීර්ණවල සිවුවැනි මහලේ සිට ඉහළට විදෙස් පාරිභෝගිකයන්ට මිළදී ගැනීමේදි රජය මගින් මීට පෙර පනවා තිබූ සීමා නිතී සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම එහි දියුණුවට ගත් ධනාත්මක පියවරක් බවත් හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන විදේශිකයන් සඳහා නේවාසික වීසා ක්‍රමය ලිහිල් කිරීම නිවාස සංකීර්ණ ව්‍යාපාර දියුණුවට තවත් හේතුවක් බව ඔහුගේ අදහසය. 

පසුගිය වසර කිහිපය තුල විවිධ සමාජ මට්ටමේ පාරිභෝගිකයන් අතර ‍විශ්වාසය ගොඩනගා ගැනීමට එම ව්‍යාපාර සමූහයේ කාර්ය මණ්ඩලය ගත් අප්‍රතිහත උත්සාහය දේපල ක්ෂේත්‍රය තුළ ඔඩිලියා සමූහ ව්‍යාපාරයට කීර්ති නාමය වර්ධනය වීමට හේතු වූ බව රෝහිත අබේගුණරත්න මහතා පැවසීය.

ගුණාත්මක භාවයෙන් වඩාත්ම උසස් ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කරන්නේ නම් මේ ව්‍යාපෘතියේ කල්පැවැත්ම හා ශක්තිමත්භාවය පිළිබඳ පාරිභෝගිකයන්ට අවධානය යොමු කිරිමේ අවශ්‍යතාවක් ඇති නොවන බව අල්ටෙසා රෙසිඩෙන්සීස් හි විකිණුම් කළමනාකරු ධම්මික දිසානායක මහතා පවසයි. 

මෙහි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් පෙර  නිවාස ඒකකවලින් 40%ක්ම අලෙවි වූ බවත්, පාරිභෝගිකයන් විසින් ඒවා වෙන්කරවා ගත් බව ද ඔහු කියා සිටියේය. පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට එය කදිම සාක්ෂියක් බව ද ඔහු සඳහන් කළේය. 

කොළඹ නගරය තුල ජීවත්වීමට අකමැති සහ නගරයේ තට්ටු නිවාස මිළ දී ගැනීමට සැළකිය යුතු මුදලක් වැය කිරීමට නොහැකි පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවිත කාලයටම මෙය කදිම ආයෝජනයක් වනු ඇතැයි ද ධම්මික දිසානායක මහතා කියා සිටියේය. 

විදුලි උත්පාදක යන්ත්‍රයක් නිරන්තරයෙන් සූදානමින් තිබීමෙන් අඛණ්ඩ විදුලිබලය ලැබෙන බවට සහතික කෙරෙන අතර කැළි කසළ එකතු කිරීම සඳහා නිවැරැදි සැලැස්මක්, වෙනම අපද්‍රව්‍ය ජල පවිත්‍රාගාරයක්, විදුලි සෝපාන 2ක්, අමුත්තන් සඳහා ශාලාවක්, තෙකලා විදුලිය, ජලනලය, නිරන්තරයෙන්ම ආරක්ෂාව සැපයීමට ආරක්ෂක කුටියක් හා සෑම නිවාස ඒකකයකටම වායු සමීකරණ යන්ත්‍ර අල්ටෙසා නිවාස සංකීර්ණයට අයත් බව දිසානායක මහතා පැවැසීය. 

මේ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලු අනුමැතිය හා නියමන නාගරික සංවර්ධන අධිකාරිය (UDA), සභාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය (CMA), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ වත්තල - මාබෝල නගර සභාව මගින් ලබාගෙන ඇති අතර නිවාස සංකීර්ණය ඉදිකෙරෙන ස්ථානයට පැමිණ එහි ඉදිකොට ඇති නිවාස ආකෘතිය නිරීක්ෂණය කොට ඔබේ අනාගත වාසස්ථානය පිළිබඳ තොරතුරු සොයා බලා අල්ටෙසා නිවාස සංකීර්ණයේ නිවාස ඒකකයක් ලබා ගැනීමට නිවැරැදි හා ඥානාන්විත තීරණයක් ගන්නා ලෙස ඔඩිලියා රෙසිඩෙන්සීස් පුද්ගලික සමාගම පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. 

 

Rate this item
(0 votes)