April 25, 2024

2025දී පවුල් ලක්ෂ 25කට නිවාස

මේ වන විට රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍ර‍ශ්නයෙන් පීඩා විදින බවත් මෙම පීඩාවිදින පවුල් ලක්ෂ 25ටම 2025 වසර වන විට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍ර‍ධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පස්වරුවේදී උදාගම් ව්‍යාපෘතියට සමඟාමී ව ඉදිකෙරෙන රක්ෂණ උදාගම සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් පෞද්ගලික රක්ෂණ සමාගමක් මගින් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට උදාගම්මාන 25ක් ජනතා අයිතියට පත්කර ඇති බවත් රටපුරාම උදාගම්මාන ව්‍යාපෘති 380ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ය. 

මේ වසරේ සිය අමාත්‍යාංශයේ ඉලක්කය කෙසේ හෝ උදාගම්මාන 500ක වැඩකටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කිරීම බව ද අමාත්‍යවරයා පැවසී ය. 

ලක්ෂ 25කට තිරසාර සෙවනක් ලබාදීමේ වැඩසටහන ප්‍රායෝගීකව ඉෂ්ඨ කිරීම සඳහා රජයට බාහිර පාර්ශව වල උදවු උපකාර අවශ්‍යව පවතින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, රජය සමඟ ඒකාබද්ධව පුද්ගලික අංශයේද සහයෝගයෙන් මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතු බවද පෙන්වා දුන්නේය. 

 

Rate this item
(0 votes)