April 17, 2024

පියාඹන මෝටර් රථය මේ වසරේ සිට අලෙවියට

ඇමරිකාවේ ගූගල් සමාගමේ සහාය ඇතිව කිටි හෝක් සමාගම නිෂ්පාදනය කරන පියාඹන මෝටර් රථ මේ වසර අවසානයේදී අලෙවිය සඳහා ඉදිරිපත් කරන බව අද(25) ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කැලිෆෝනියාවේ පිහිටි ගූගල් ප්‍රධාන කාර්යාලය ආසන්නයේ මෙම පියාඹන මෝටර් රියේ කුඩා මාදිලියක් දැනටමත් අත්හදා බලා තිබේ.

එක් පුද්ගලයෙකුට ගමන් කළ හැකි කුඩා ගුවන් යානයක් වන මෙම පියාඹන මෝටර් රිය මකුළු දැලක් වැනි වේදිකාවකින් සමන්විත වන අතර සාර්ථක ලෙස ජලයට හෝ ගොඩබිමට ගොඩබැස්සවිය හැකි වේ.

Rate this item
(0 votes)