April 20, 2024

රෝද තුනේ මෝටර් රථය ටොයොටා වෙතින්..

පෙරළිකාර මෝ‍ටර් රථයක් වෙළඳපොලට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානමින් සිටී. ප්‍රවාහන ක්ෂ්ත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් සුක්කානමකින් ක්‍රියාත්මක කරන ඉදිරිපස රෝද දෙකකින් සහ පසුපස රෝදයකින් යුක්ත විද්‍යුත් මෝටර් රථයක් වෙළඳපොළට නිකුත් කිරිමට ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සමාගම සූදානම් බවයි තොරතුරු වාර්ථා වෙන්නේ.

i-Road යනුවෙන් නම්කර තිබෙන මෙම සැහැල්ලු කුඩා මොටර් රථය මේ දිනවල ටෝකියෝ නුවර මාර්ගවල ධාවනය කරමින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වැඩසටහන සාර්ථක වෙමින් තිබෙන බවත් නවෝත්පාදනයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රංශයේ Grenoble නගරයට මෙම සැහැල්ලු මෝටර් රථය මුලින්ම හඳුන්වා දීමට සූදානම් වන බවත් සඳහන්ය.

මෙම නගරයේ මෙම කුඩා මෝටර් රථය ආරෝපණයට අවශ්‍ය ස්ථාන 30 ක් පිහිටුවීම සඳහා දේශීය සමාගම් සමග ටොයොටා කටයුතු කරමින් සිටින බවත් මුලින්ම i-Road මෝටර් රථ 70 ක් මෙම නගරයට හඳුන්වා දීමට සූදානම් වන බවත් වාර්තා වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 July 2014 09:21