April 25, 2024

මූල්‍ය ආයතන සීමා කිරීමේ පියවර ඇරඹේ..

මෙරට කි‍්‍රයාත්මක මූල්‍ය ආයතන සංඛ්‍යාව සීමා කිරීමේ පියවර අනුගමනය කරමින් සිටින බව මහ බැංකුව පවසයි. ඒ අනුව ඊට අනුබද්ධ මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ පියවර කි‍්‍රයාත්මක වෙනු ඇති.

මේ අනුව ප‍්‍රධාන පෙළේ බැංකු සහ මූල්‍ය ආයතන සිය ඒකාබද්ධ සැලසුම් මහබැංකුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා මේ වන විට ඇගයීමට ලක් කරන බවයි මහබැංකුව සඳහන් කළේ. මහබැංකුවේ ඉල්ලීම මත ස්වාධීන විගනන ආයතන, මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකරන අතර බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම පිළිබඳව ද මෙහිදී සලකා බලනු ඇති.

Rate this item
(0 votes)