April 20, 2024

ලංගම කෝටි 72කට අධික ආදායමක් උපයලා

මෙවර අලුත් අවුරුදු උත්සව කාලය තුළ රුපියල් කෝටි 72කට අධික ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකිවී තිබේ.

අප්‍රේල් මස 06 වන දින සිට 16 වන දින දක්වා කාලය තුළ මෙම ආදායම උපයා ඇති බවත් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඌව ප්‍රාදේශිකයෙන් බවත් ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පි.එච්.ආර්.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවුරුදු සමය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ද සියයට 25කින් පමණ ඉහළ ගොස් තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ මෙවර උත්සව සමයේ සිදුවු අනතුරු සංඛ්‍යව ද අඩු වී ඇති බවය.

Rate this item
(0 votes)