April 24, 2024

විදේශ සංචිත පහත වැටෙයි

මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 5.1 දක්වා පහත වැටී තිබේ.

එය පෙබරවාරි මාසයට වඩා ඩොලර් මිලියන 514ක එනම්, සියයට 9 ඉක්ම වූ අපගමනයක් බව මහබැංකු වාර්තාවලින් පෙනී ගොස් ඇත.

විශේෂයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රැක ගැනීම සඳහා මහබැංකුව මැදිහත්වීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි වාර්තා වේ.

රජයේ දිගුකාලීන ණය වාරික ගෙවීමට සිදුවීම ද විදේශ සංචිතය පහත වැටීමට තවත් හේතුවක් බවත් 2009 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් මූල්‍යාධාර ද ඊට ඇතුළත් බවත් මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)